මීගොඩ ගෘහ භාණ්ඩ තොග වෙළදසැලක විශාල මුදල් පැහැර ගැනීමක්

මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ යතුරු පැදි හිස් වැසුම් පැළද ගිනි අවි දෙකක් අතැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනකු අද (25) දින සවස ගෘහ භාණ්ඩ තොග වෙළදසැලක ඇතුලුවී සේප්පුවේ තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් රැගෙන ආයතනයට ඇතුළු වී එහි පිළිගැනීමේ නිළධාරිණියන් දෙදෙනා බියගන්වා එහි තිබූ මුදල් රැගෙන පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි.

සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?