ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් විපක්ෂ නායකවරයා හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු වුණා

එහි දී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් මෙහිදි සිදුවිය.

එහි දී වත්මන් රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එළැඹ ඇති ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වු අතර විශේෂයෙන් රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා මෙරට වැඩ කරන ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලට සිදු කර ඇති බලපෑමත් සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස දැනුවත් කර සිටියේය.

එසේම සමගි ජන බලවේගය බලයට පත් වූ විගස මෙම ගිවිසුම සම්බන්ධයෙන් නැවත සලකා බලා ජනතාවට හිතැති ගිවිසුමකට එළැඹ ඒ තුළින් රට ගොඩ ගැනීමේ ක්‍රමෝපානයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී පැවසීය.

මේ අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr. Peter Breuer (Senior. Mission Chief), Ms. Katya Svirydzenka (Dep. Mission Chief), Dr. Sarwat Jahan (IMF Resident Representative), Ms. Manavee Abeyawickrama – (Local Economist), Lan Huong Vu (Communications Dept.) පිරිසක් එක් විය.

එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, වේලුකුමාර සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?