හරක් කටාගේ පෙත්සම විභාගයට දිනදෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින තමන්ව රදවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම නොවැම්බර් මස 06 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

අදාළ පෙත්සම අද (25) අභියාචනයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ඔක්තෝබර් මස 09 වනදා ඉදිරිපත් කරන ලෙසත් ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් මස 26 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

ඉන් පසුව අදාළ පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා සිදුකරන බවයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එබැවින් එය දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38