පෝලන්ත තරුණියක් තංගල්ලේ දී මියයයි

සිය පෙම්වතා සමඟ අනතුරුදායක ස්ථානයක දිය නාමින් සිටිය දී පෝලන්ත ජාතික කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබෙනවා.

තංගල්ල මුහුදු තීරයේ දී ඇය මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. මියගොස් ඇත්තේ 22හැවිරිදි වියේ පසු වූ තරුණියක්.

මෙම පෙම්වතුන් දෙදෙනාම දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් කඩිනමින් ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද විදේශීය තරුණිය එහිදී මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?