මහ කන්නයේ දී බෝග 13ක් වගා කිරීමට සියලු කෘෂි අංශ එක් වෙයි

එළැඹෙන මහ කන්නයේ දී ආහාර බෝග 13ක් වගා කිරීම සඳහා මේ වනවිට සියලු සැලසුම් සකස් කර ඇති බව බෝග වගා නායකයන් පවසනවා.

ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම ලේකම්වරු මෙන්ම පළාත් සියලුම කෘෂි බලධාරින් සියලු දෙනා ඊයේ තම එකඟත්වය පළ කළ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී ඇතුළු ආහාර බෝග 13ක් සඳහා බෝග නායකයින් පත් කර තිබෙනවා.

වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, රතු ලූණු, ලොකු ලූණු, මුං ඇට, කව්පි, සෝයා ‌ බෝංචි, කුරක්කන්, තල, උඳු සහ රටකජු එම බෝග වර්ග 13යි.

මෙම සියලු ආහාර බෝග නායකයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් ඊයේ (23) දිනය පුරා පැවැත්වුණේ ගන්නොරුව කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දීයි.

එම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ඇතුළු කෘෂිකර්ම අංශයේ නිලධාරින්, පර්යේෂකයින්, විද්‍යාඥයින් මෙන්ම සියලුපළාත් කෘෂිකර්ම ලේකම්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

මේ වනවිට රට වී සහ සහලින් ස්වයිංපෝෂිත තත්ත්වයට පත්ව තිබෙනවා. ලබන මහ කන්නයේ වී අස්වනු නෙලා ගන්නා තෙක් අවශ්‍ය සහල් හා වී තොග රට තුළ පවතින බැවින් නැවත සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි සඳහන් කෙරුණේ. දත්ත හා තොරතුරු අනුව වාර්ෂික අවශ්‍යතාවය ඉක්මවන ලද සහල් තොගයක් රට තුළ පවතින බව සඳහන්.

මීට අමතරව මුං ඇට, උඳු, තල හා රටකජු මෙන්ම කුරක්කන් ද අවශ්‍ය තරම් තොග රට තුළ පවතින අතර ඒවා ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ද නොමැති බව ප්‍රකාශ කෙරුණා.

නමුත් ලොකු ලූනු වගාව මේ වනවිට ඉතාමත් බරපතල ලෙස පහළ වැටී තිබෙනවා. 2015 වසර වනවිට මෙට්‍රික් ටොන් 84,737ක් වූ ලොකු ලූනු අස්වැන්න මේ වනවිට මෙට්‍රික් ටොන් 7321ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. එබැවින් ලොකු ලූණු වගාව නැවත නඟා සිටුවීම සඳහා කඩිනම් සුදුසු වගා වැඩ පිළිවෙළක් වහා අරඹන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බෝග නායකයින්ට උපදෙස් දුන්නේ. 2026 වන විට සමස්ත ලොකු ලූනු අවශ්‍යතාවයෙන් සියයට 40ක්වත් මෙරට වගා කිරීමට ඉලක්ක කරන ලෙසට අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දෙන උපදෙස් ගොවි ජනතාව අතරට යාමේ ගැටළුවක් පවතින බැවින් හැකි තරම් එම තොරතුරු ගොවි ජනතාවට ලබා දීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29