ඉතාලියේ හිටපු ජනපති ජෝර්ජියෝ නැපොලිටානෝ අභාවප්‍රාප්ත වෙයි

ඉතාලියේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝර්ජියෝ නැපොලිටානෝ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ මියයන විට ඔහුගේ වයස අවුරුදු 98ක්.

2011 වසරේ දී ණය අර්බුදයකින් රට ගොඩ නැංවීමට දායක වූ ඔහු කොමියුනිස්ට්වාදියෙකු ලෙසටයි සැලකෙන්නේ.

හිටපු ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳ ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනිගේ කාර්යාලය, අනෙකුත් දේශපාලනඥයින්, වතිකානුවෙන් මෙන්ම වෙනත් රටවලින් ද ශෝකය පළවී තිබෙනවා.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නැපොලිටානෝගේ බිරිඳ වන ක්ලියෝ බිටෝනිට විදුලි පණිවුඩයක් මගින් ශෝක පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ විශේෂයෙන්ම රටේ ජන ජීවිතයේ පැවැත්ම සඳහා අවශ්‍ය කාලවලදී නිවැරදි තීරණ ගැනීමේ ඔහුගේ මනුෂ්‍යත්වය සහ දූරදර්ශී බව අගය කරන අතර ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ පෞද්ගලික හමුවීම් කෘතඥපූර්වකව සිහිපත් කරන බවයි.

හිටපු ජනපති නැපොලිටානෝ දිවංගත 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගත් අතර, 2013 වසරේ පෙබරවාරි මාසයේ උන් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු එම කම්පනයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ අනතුරු ඇඟවූ කිහිප දෙනාගෙන් කෙනෙක් ලෙසටයි සැලකෙන්නේ.

වියදම් කප්පාදුව සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි ඉල්ලා අස්වීමෙන් පසු රජයක් මෙහෙයවීම සඳහා හිටපු යුරෝපීය කොමිසමේ තාක්‍ෂණික මාරියෝ මොන්ටි නම් කිරීමෙන් අර්බුදය වළක්වා ගැනීමට නැපොලිටානෝ 2011 අගභාගයේදී සිය බලතල භාවිතා කළා.

වසර දෙකකට පසුව, අවිනිශ්චිත පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු මධ්‍ය-වාම දේශපාලනඥයෙකු වන එන්රිකෝ ලෙට්ටා යටතේ මහා සභාගයක් ස්ථාපිත කළ ඔහු තවත් අර්බුදයක් බිඳ දමනු ලැබුවා.

ජෝර්ජියෝ නැපොලිටානෝ 2006 වසරේ දී ජනාධිපති ධුරයට පත් වූ අතර 2013 දී පෙර නොවූ විරූ ලෙසට දෙවන වරටත් අවුරුදු 7ක ධුර කාලයක් සඳහා තේරී පත් වුණා. කෙසේවෙතත් 2015 දී ඔහු ධුරයෙන් ඉවත් වූයේ තමා වයස්ගත බවට පවසමින්.

1950 ගණන්වල මුල් භාගයේ ආරම්භ වූ දේශපාලන ජීවිතය තුළ ඔහු ඉතාලි සහ යුරෝපීය පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ලෙස ද සේවය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07