මිලියන 10ක ටින් මාලු විනාශ කරයි (වීඩියෝ)

රුපියල් මිලියන 10කට ආසන්න වටිනාකමකින් යුතු පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින් මාළු තොගයක් විනාශ කර දමා තිබෙනවා.

පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මතයි පසුගිය ජුනි මස 20 වනදා පන්නල, ගලයාය ප්‍රදේශයේ තොග ගබඩාවක තිබී තොරතුරු වෙනස් කළ මෙම ආනයනික ටින් මාළු තොගය සොයා ගනු ලැබුවේ.

පාරිභෝගික අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් වැටලීම් හා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදු කර මෙම ටින් මාලු තොගය අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම ගබඩාවේ තිබූ ආනයනික ටින් මාළු ඇසුරුම් 16150ක් පමණ නිසි ප්‍රමිතියට නොතිබු අතර පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින බැවින් එම ටින් මාළු තොගය පාරිභෝගික අධිකාරිය භාරයට ගනු ලැබුවා.

මෙම ටින් මාළුවල තොරතුරු වෙනස් කර ව්‍යාජ ලේබල් අලවා නැවත වෙළෙඳපලට නිකුත් කිරිමට සුදානම් කිරීම පාරිභෝගික පනතට එරෙහි ක්‍රියාවක් බවයි මෙහිදී නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවේ.

ආනයනික ටින් මාළු තොගය මුද්‍රා තබා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම අධිකරණයෙන් ලැබුණු තින්දුව මත මිලියන 10කට ආසන්න වටිනාකමකින් යුතු ටින් මාළු තොගය කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණය යටතේ විනාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49