අසත්‍ය පැමිණිල්ලක් කළ අයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

අසත්‍ය පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගනේෂන් සැම්සන් රෝයි නමැත්තෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලැස්වීම තුලින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් අගතියට පත් පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙස එම අසත්‍ය පැමිණිල්ල ඉදිරිපත් කළ ෂවීන් චතුරංග නැමැත්තාට නියෝග කර තිබෙනවා.

පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වෙත පැවරී ඇති බලතල පෞද්ගලික යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදාගත නොහැකි අතර එලෙස සිදු කිරීම තුළින් සමාජය තුල නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමක් සිදු වන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරු අඟවා සිටියා.

මෙම අනීතික ක්‍රියාව හරහා වගඋත්තරකරුවන් අපරාධ යුක්ති යාන්ත්‍රණය අවභාවිතයට ලක් කර තිබෙන බවයි නඩු තීන්දු තීන්දුව තුළින් තවදුරටත් චෝදනා කර ඇත්තේ.

එම අසත්‍ය පැමිණිල්ල මත පෙත්සම්කරු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ විසින් රුපියල් 75000ක් ද උප පොලිස් පරීක්ෂක ඒ. සුදසිංහ විසින් රුපියල් 25000ක් ද ,එච්. ජී. සී. ටී. ප්‍රියදර්ශන නැමැති කොස්තාපල්වරයා විසින් රුපියල් 25000ක් ද වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයේ සඳහන්.

ඒ. එච්. එම්. ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියාසිටියේ

“මෙම පෙත්සම්කරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කෙරුණු පැමිණිල්ලේ ස්වභාවය පිළිබඳව නඩු විභාගයේ දී අධිකරණය පූර්ණ පරීක්ෂාවට ලක් කළා. එහිදී අධිකරණයට කරුණු අනාවරණය වුණා එම පැමිණිල්ල විශ්වාසනීයත්වයෙන් තොර අසත්‍ය පැමිණිල්ලක් බව. විමර්ශන සිදු කර සාධාරණ සැකයක් අනාවරණය වන අවස්ථාවක පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වෙත බලය පැවරී තිබෙනවා. එහෙත් පෞද්ගලික යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා එම බලය අවභාවිතා කිරීමට හැකියාවක් නැහැ. මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වගඋත්තර කරුවන් විසින් සිදුකර තිබෙන්නේ නිසි විමර්ශනයකින් තොරවයි. පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්ථාවේ සිට පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා දිනය දක්වා විමර්ශන සිදු කිරීමට මාස පහක පමණ කාලසීමාවක් තිබුණා. එම කාලසීමාව තුළ මෙම පැමිණිල්ලේ සත්‍ය අසත්‍ය භාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව ඕනෑතරම් කරුණු තහවුරු කර ගැනීමට වගඋත්තරකරුවන්ට හැකියාව තිබුණා. එසේ කරුණු තහවුරු කර ගැනීමකින් තොරව තමා මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මේ හරහා වගඋත්තරකරුවන් මෙරට ක්‍රියාත්මක අපරාධ යුක්ති යාන්ත්‍රණය අවභාවිතයට ලක් කර තිබෙනවා. එසේම වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙනවා” යනුවෙන්.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පෞද්ගලික සමාගමක සේවකයෙකු වන කොළඹ 05, නාවල පාරේ පදිංචි ගනේෂන් සැම්සන් රෝයි නැමැත්තෙකු විසින්.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා මිත්‍රයකු මාර්ගයෙන් ශවීන් චරංග නැමැත්තා හඳුනාගත් බවයි. පසුව බී.එම්. ඩබ්ලිව් වාහන දෙකක් ලබා දෙන බව පවසා රුපියල් මිලියන 70ක මුදලක් වංචා කළේ යැයි චෝදනා කර මෙම ෂවීන් චතුරංග නැමැත්තා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව 2017 වසරේ නොවැම්බර් මස 16 වනදා අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින අටක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හරිනු ලැබූ බව පෙත්සම්කරු සඳහන් කරනවා.

තමන් මෙවැනි ක්‍රියාවක් සිදු නොකළ බව පවසන පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ ශවීන් චතුරංග නමැත්තා තමාට එරෙහිව සිදු කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවත් ඒ මත තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් වගඋත්තරකරුවන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?