අසත්‍ය පැමිණිල්ලක් කළ අයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

අසත්‍ය පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගනේෂන් සැම්සන් රෝයි නමැත්තෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලැස්වීම තුලින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් අගතියට පත් පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙස එම අසත්‍ය පැමිණිල්ල ඉදිරිපත් කළ ෂවීන් චතුරංග නැමැත්තාට නියෝග කර තිබෙනවා.

පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වෙත පැවරී ඇති බලතල පෞද්ගලික යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදාගත නොහැකි අතර එලෙස සිදු කිරීම තුළින් සමාජය තුල නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමක් සිදු වන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරු අඟවා සිටියා.

මෙම අනීතික ක්‍රියාව හරහා වගඋත්තරකරුවන් අපරාධ යුක්ති යාන්ත්‍රණය අවභාවිතයට ලක් කර තිබෙන බවයි නඩු තීන්දු තීන්දුව තුළින් තවදුරටත් චෝදනා කර ඇත්තේ.

එම අසත්‍ය පැමිණිල්ල මත පෙත්සම්කරු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ විසින් රුපියල් 75000ක් ද උප පොලිස් පරීක්ෂක ඒ. සුදසිංහ විසින් රුපියල් 25000ක් ද ,එච්. ජී. සී. ටී. ප්‍රියදර්ශන නැමැති කොස්තාපල්වරයා විසින් රුපියල් 25000ක් ද වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයේ සඳහන්.

ඒ. එච්. එම්. ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියාසිටියේ

“මෙම පෙත්සම්කරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කෙරුණු පැමිණිල්ලේ ස්වභාවය පිළිබඳව නඩු විභාගයේ දී අධිකරණය පූර්ණ පරීක්ෂාවට ලක් කළා. එහිදී අධිකරණයට කරුණු අනාවරණය වුණා එම පැමිණිල්ල විශ්වාසනීයත්වයෙන් තොර අසත්‍ය පැමිණිල්ලක් බව. විමර්ශන සිදු කර සාධාරණ සැකයක් අනාවරණය වන අවස්ථාවක පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වෙත බලය පැවරී තිබෙනවා. එහෙත් පෞද්ගලික යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා එම බලය අවභාවිතා කිරීමට හැකියාවක් නැහැ. මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වගඋත්තර කරුවන් විසින් සිදුකර තිබෙන්නේ නිසි විමර්ශනයකින් තොරවයි. පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්ථාවේ සිට පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා දිනය දක්වා විමර්ශන සිදු කිරීමට මාස පහක පමණ කාලසීමාවක් තිබුණා. එම කාලසීමාව තුළ මෙම පැමිණිල්ලේ සත්‍ය අසත්‍ය භාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව ඕනෑතරම් කරුණු තහවුරු කර ගැනීමට වගඋත්තරකරුවන්ට හැකියාව තිබුණා. එසේ කරුණු තහවුරු කර ගැනීමකින් තොරව තමා මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මේ හරහා වගඋත්තරකරුවන් මෙරට ක්‍රියාත්මක අපරාධ යුක්ති යාන්ත්‍රණය අවභාවිතයට ලක් කර තිබෙනවා. එසේම වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙනවා” යනුවෙන්.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පෞද්ගලික සමාගමක සේවකයෙකු වන කොළඹ 05, නාවල පාරේ පදිංචි ගනේෂන් සැම්සන් රෝයි නැමැත්තෙකු විසින්.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා මිත්‍රයකු මාර්ගයෙන් ශවීන් චරංග නැමැත්තා හඳුනාගත් බවයි. පසුව බී.එම්. ඩබ්ලිව් වාහන දෙකක් ලබා දෙන බව පවසා රුපියල් මිලියන 70ක මුදලක් වංචා කළේ යැයි චෝදනා කර මෙම ෂවීන් චතුරංග නැමැත්තා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව 2017 වසරේ නොවැම්බර් මස 16 වනදා අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින අටක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හරිනු ලැබූ බව පෙත්සම්කරු සඳහන් කරනවා.

තමන් මෙවැනි ක්‍රියාවක් සිදු නොකළ බව පවසන පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ ශවීන් චතුරංග නමැත්තා තමාට එරෙහිව සිදු කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවත් ඒ මත තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් වගඋත්තරකරුවන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34