චතුවාට නවාතැන් දුන් බන්ධනාගාර නිලධාරියා රිමාන්ඩ්

ගලපිටමඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ “චතුවා” නමැති සැකකරුවකුට සිය නිවසේ නවාතැන් දුන් බව කියන බන්ධනාගාර සැරයන්වරයෙකු ලබන ඔක්තෝබර් මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරියයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවයේ නියුතු සැරයන්වරයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු බන්ධනාගාර සැරයන්වරයාගේ රාජගිරියේ පිහිටි දෙමහල් නිවසක දෙවන මහලේ කුලී පදනම මත “චතුවා” නැමැති පුද්ගලයා නවාතැන්ගෙන සිට ඇති බවට සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බවයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දී ඇත්තේ.

“චතුවා” නැමැති පුද්ගලයා එම වෙඩි තැබීමට සම්බන්ධ බව දැන දැනම මෙම සැරයන්වරයා විසින් ඔහුට රැකවරණය ලබාදී ඇති බවට “චතුවා” නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ගත් බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?