චතුවාට නවාතැන් දුන් බන්ධනාගාර නිලධාරියා රිමාන්ඩ්

ගලපිටමඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ “චතුවා” නමැති සැකකරුවකුට සිය නිවසේ නවාතැන් දුන් බව කියන බන්ධනාගාර සැරයන්වරයෙකු ලබන ඔක්තෝබර් මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරියයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවයේ නියුතු සැරයන්වරයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු බන්ධනාගාර සැරයන්වරයාගේ රාජගිරියේ පිහිටි දෙමහල් නිවසක දෙවන මහලේ කුලී පදනම මත “චතුවා” නැමැති පුද්ගලයා නවාතැන්ගෙන සිට ඇති බවට සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බවයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දී ඇත්තේ.

“චතුවා” නැමැති පුද්ගලයා එම වෙඩි තැබීමට සම්බන්ධ බව දැන දැනම මෙම සැරයන්වරයා විසින් ඔහුට රැකවරණය ලබාදී ඇති බවට “චතුවා” නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ගත් බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39
Video thumbnail
අපි මේ දෙන්න පුළුවන් උපරිම සහනය දෙනවා - ඉන්ධන මිල අඩුවෙන්ම අඩු කරෙත් මේ ආණ්ඩුවද ?
05:25
Video thumbnail
මන්ත්‍රී අනුරාධ ජයරත්න දීපු පොසොන් පරාටා දන්සල - මිනිස්සු දිගු පෝළිම්වල
04:01
Video thumbnail
හදිසියේම ලයිව් ආපු Mr. කොත්තු කිව්ව දේ - හැම වීඩියෝ එකක්ම ඇත්ත AI නෙවෙයි..ලොකු කලකිරීමක් තියෙනවා
08:04
Video thumbnail
සිසුන් 4ක් එළොව යැවූ වනාතවිල්ලුවේ ඔරු අනතුරේ නවතම දර්ශන - "ඔක්කොම හිටියේ මඩේම තමයි..හොයන්න බෑ"
01:31
Video thumbnail
පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති හමුවෙයි - එල්නිනෝ තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක්
02:53
Video thumbnail
මවක් එළොව යවමින් සඳහිරු සෑය අසළ සිදුවූ බිහිසුණු අනතුර - තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
ගොවි ජනතාව රජ කරන යුගය බිහි කරන්නේ අපි - ඔබට බැරිනම් අපි වගකීම ගන්න සූදානම්
05:51