වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති පැයක කාලය නිශ්චිතයි ! – කථානායක

පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සඳහා ස්ථාවර නියෝගවල විධිවිධාන අනුව වෙන්කර ඇති පැයක කාලසීමාව ඉක්මවා සෑම දිනකම දිගින් දිගටම කාලය ගතවීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබෙනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට සිදුවන බාධා සහ එමඟින් විවාද කාල සීමාව අඩුවීම සම්බන්ධව පසුගිය පළමු වනදා සහ 08 වනදා පවත්වනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වල දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව, මින් ඉදිරියට වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති පැයක කාලසීමාව නිශ්චිතව පූර්ව භාග 10.30ට අවසන් කිරීමටත්, ඒ වන විට ඇසීමට අවස්ථාව නොලද ප්‍රශ්න ඉතිරි වුවහොත්, ඒවා ඊළඟට ලැයිස්තුගත කළ හැකි ආසන්නතම දිනයේදී ඇසීමට හැකිවන ලෙස නැවත න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමටත් තීරණය කරනු ලැබූ බවයි කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම ප්‍රශ්න සඳහා වෙන්කර ඇති කලසීමාව තුළදී වෙනත් විශේෂිත කරුණක් මතු කිරීමට යම් මන්ත්‍රීවරයෙකු අදහස් කරන්නේ නම්, ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි තම පූර්ව අවසරය ලබාගන්නා ලෙසත් කථානායකවරයා තවදුරටත් අද පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17