spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති පැයක කාලය නිශ්චිතයි ! – කථානායක

පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සඳහා ස්ථාවර නියෝගවල විධිවිධාන අනුව වෙන්කර ඇති පැයක කාලසීමාව ඉක්මවා සෑම දිනකම දිගින් දිගටම කාලය ගතවීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබෙනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට සිදුවන බාධා සහ එමඟින් විවාද කාල සීමාව අඩුවීම සම්බන්ධව පසුගිය පළමු වනදා සහ 08 වනදා පවත්වනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වල දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව, මින් ඉදිරියට වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති පැයක කාලසීමාව නිශ්චිතව පූර්ව භාග 10.30ට අවසන් කිරීමටත්, ඒ වන විට ඇසීමට අවස්ථාව නොලද ප්‍රශ්න ඉතිරි වුවහොත්, ඒවා ඊළඟට ලැයිස්තුගත කළ හැකි ආසන්නතම දිනයේදී ඇසීමට හැකිවන ලෙස නැවත න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමටත් තීරණය කරනු ලැබූ බවයි කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම ප්‍රශ්න සඳහා වෙන්කර ඇති කලසීමාව තුළදී වෙනත් විශේෂිත කරුණක් මතු කිරීමට යම් මන්ත්‍රීවරයෙකු අදහස් කරන්නේ නම්, ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි තම පූර්ව අවසරය ලබාගන්නා ලෙසත් කථානායකවරයා තවදුරටත් අද පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?