‘ගනේමුල්ලේ සංජීව’ නේපාලයේ සිට හදිසියේ ආ හේතුව එළියට – සුවදුක් බලන්න ගිය දෙකක් අත්අඩංගුවට

මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රබල අපරාධ කල්ලි නායකයෙක් වන ගණේමුල්ලේ සංජීවගේ සුවදුක් බැලීමට පැමිණි දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ හිටපු දේශපාලනඥයා ගණේමුල්ලේ සංජීව වෙනුවෙන් පෙනී සිටිමින් ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ට හා දේශපාලඥයින්ට බලපෑම් සිදුකරන බවයි අනාවරණය වී ඇත්තේ.

සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ලේ සංජීව ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් නේපාලයේ සිට මෙරටට පැමිණි පසු පසුගියදා කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබුණා.

ගණේමුල්ලේ සංජීව 2021 වසරේ දී තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවක් හරහා ඉන්දියාවට ගොස් පසුව නේපාලයේ කත්මන්ඩු වෙත ගොස් එතැන් සිට දෝහා කටාර් වෙත ගොස් ඇති බවව අනාවරණය වී ඇත්තේ.

ඒ, සඳහා ඔහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කර ඇති අතර, ඒ පිළිබඳව අනාවරණය වීමත් සමඟ ඔහුව කටාර් සිට නේපාලයේ කත්මන්ඩු දක්වාත්, එතැනින් යළි ශ්‍රී ලංකාව දක්වාත් පිටුවහල් කර ඇති බවයි මේ වනවිට හෙළිව ඇත්තේ.

ඔහු ලංකාවේ සිට ඉන්දියාවටත්, පසුව නේපාලයටත් පැමිණි බවට සටහන් වී තිබුණත් ඒවා සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රයේ තබා ඇත්තේ ව්‍යාජ මුද්‍රා බවට මේ වන විටත් පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර රැඳවුම් නියෝග මත මෙතෙක් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔහු විසින් මේ දක්වා සිදුකර ඇති ඝාතන 18ක පමණ තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36