‘ගනේමුල්ලේ සංජීව’ නේපාලයේ සිට හදිසියේ ආ හේතුව එළියට – සුවදුක් බලන්න ගිය දෙකක් අත්අඩංගුවට

මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රබල අපරාධ කල්ලි නායකයෙක් වන ගණේමුල්ලේ සංජීවගේ සුවදුක් බැලීමට පැමිණි දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ හිටපු දේශපාලනඥයා ගණේමුල්ලේ සංජීව වෙනුවෙන් පෙනී සිටිමින් ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ට හා දේශපාලඥයින්ට බලපෑම් සිදුකරන බවයි අනාවරණය වී ඇත්තේ.

සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ලේ සංජීව ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් නේපාලයේ සිට මෙරටට පැමිණි පසු පසුගියදා කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබුණා.

ගණේමුල්ලේ සංජීව 2021 වසරේ දී තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවක් හරහා ඉන්දියාවට ගොස් පසුව නේපාලයේ කත්මන්ඩු වෙත ගොස් එතැන් සිට දෝහා කටාර් වෙත ගොස් ඇති බවව අනාවරණය වී ඇත්තේ.

ඒ, සඳහා ඔහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කර ඇති අතර, ඒ පිළිබඳව අනාවරණය වීමත් සමඟ ඔහුව කටාර් සිට නේපාලයේ කත්මන්ඩු දක්වාත්, එතැනින් යළි ශ්‍රී ලංකාව දක්වාත් පිටුවහල් කර ඇති බවයි මේ වනවිට හෙළිව ඇත්තේ.

ඔහු ලංකාවේ සිට ඉන්දියාවටත්, පසුව නේපාලයටත් පැමිණි බවට සටහන් වී තිබුණත් ඒවා සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රයේ තබා ඇත්තේ ව්‍යාජ මුද්‍රා බවට මේ වන විටත් පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර රැඳවුම් නියෝග මත මෙතෙක් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔහු විසින් මේ දක්වා සිදුකර ඇති ඝාතන 18ක පමණ තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15