ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස්‌වූ අවස්ථාවේදීයි මෙම අනුමැතිය ලබා දීම සිදු වූයේ.

මෙම රැස්වීමට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා පත්කරන ලද තරුණ නියෝජිතයන් සහභාගී වුණා.

නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් (IUU) ධීවර කටයුතුවලදී, දැනට පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ වරදකරුවෙකු ලෙස සලකනු ලබන්නේ බලපත්‍රලාභියා පමණයි.

නමුත්, බලපත්‍රලාභියා කවරේද යන්න ධීවර පනතේ අර්ථ නිරූපණය කර නොමැති බැවින් නීතිමය පියවර ගැනීමේ දී බාධා ඇතිවී තිබෙනවා. නව සංශෝධන හරහා බෝට්ටුවේ අයිතිකරු, බෝට්ටුවේ නියමුවා, එහි කාර්ය මණ්ඩලයේ යම් සාමාජිකයෙකු සහ එම බෝට්ටුවේ ගමන් කරන තැනැත්තෙකු එම වරදට වගකිවයුතු කෙනෙකු ලෙස සැලකීම ඇතුළු කරුණු පනත් කෙටුම්පතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති බවයි නිලධාරින් සඳහන් කළේ. එසේම, මෙම විධිවිධාන සංශෝධනය කරන ලෙස ධීවර සංගම් ද ඉල්ලීම් කර ඇති බව ද නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් 2023 ජූලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරනු ලැබුවා. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ප්‍රකාරව පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත්කිරීමට නියමිත සංශෝධන පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර අනුමැතිය ලබාදී තිබෙනවා.

තවද, ධීවර කටයුතුවල යෙදෙන බෝට්ටු අනතුරට පත් වන විට අනතුරට පත් වූවන්ට කඩිනම් සහන සැලසීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීමට අමාත්‍යාංශයෙන් පත් කළ නිලධාරීන් නොමැති බවයි කාරක සභාවේ සභාපති ඩී. වීරසිංහ මහතා පෙන්වා දුන්නේ. වෙරළබඩ දිස්ත්‍රික්ක 15ක ධීවර කාර්යාල ඇති බවත් ඒ සඳහා ධීවර පරීක්ෂකවරුන් සහ සංවර්ධන නිලධාරීන් පත් කර ඇති බවත් නිලධාරීන් සඳහන් කළා. එසේම, සෑම ප්‍රදේශයකම නාවික හමුදාවේ සහය ද ලබා ගන්නා බව ද නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත්, වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයින්ට අදාළ ප්‍රදේශයේ ධීවර පරීක්ෂකවරුන්ව නොහඳුනන බැවින් ඕනෑම ප්‍රදේශයක ධීවරයින්ට හදිසි අනතුරු සිදුවුවහොත් වහාම ඇමතිය හැකි හදිසි ඇමතුම් සේවාවක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙසටයි කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කර ඇත්තේ.

මෙයට අමතරව, ධීවරයින් විසින් වෙරළාශ්‍රිතව ඉදිකරන ලද තාවකාලික ධීවර වාඩිය සඳහා අවසර ලබා දීම සම්බන්ධ කරුණු, ධීවර බෝට්ටුවල ප්‍රමිතිය, බෝට්ටුවලට ඇති රක්ෂණ සහ මිරිදිය මසුන් වගාව ඇතුළු කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12