AFC Banner
Empty Ad
Empty Ad

නාමල් රාජපක්ෂට එරෙහි තවත් පැමිණිල්ලක් කල්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 15 වනදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම විමර්ශනයක අදාළව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 15 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින එම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?