වැල්ලවාය වරුණගම රක්ෂිතයේ ගින්නක්,අක්කර දහයකට වඩා විනාශයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරුණගම කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ දී ගින්නක් හටගෙන තිබෙනවා.එම ගින්න ඊයේ රාත්‍රි වන තෙක් රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර දහයකට ආසන්න භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇත.

ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න නිසා රක්ෂිතයේ සිටි වනසතුන් රැසක් සහ තෘණ භූමිය ද විනාශ වී තිබේ.

අද අලුයම් කාලය වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබූ අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?