AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ රැසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි රැසක් පොලිස් භාරයට

අඹකොටදෙණිය ප්‍රදේශයේදී හතරලියද්ද පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර මෙරට නිෂ්පෘදිත ගිනි අවි 02 ක්‌, ටී 56 සජීවි පතරොම්‌ 200 ක්‌, ඩෙටනේටර්‌ 02ක්‌, ඩසිනමයිට්‌ ග්‍රෑම්‌ 250 ක්‌, සේවා නූල්‌ ග්‍රෑම්‌ 900 ක්‌, බෝර 12 ජීව උණ්ඩ 02 ක්‌ සහ ඊයම්‌ කැබලි කිලෝ 02 ග්‍රෑම්‌ 370 ක්‌ සමග සැකකරුවෙකු අත්‌අඩංගුවට ගෙන ඇත.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරු වයස අවුරුදු 38 ක්වූ හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක හමුදාවට අනුයුක්ත සැරයන්වරයෙක්.

එමෙන්ම ගම්පොල පොලිස්‌ වසමේ අටබාගේ ප්‍රදේශයේදී ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්‌ හා ජීව පතරොමක්‌ සමග සැකකරුවෙකු අත්‌අඩංගුවට ගෙන ගම්පොල පොලිස්‌ ස්ථානය වෙත ඉදිරිපත්‌ කර ඇත.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරු වයස අවුරුදු 44 ක්වූ ඉල්ලවතුර, ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිරිපුර පොලිස්‌ වසමේ බදනාගල ප්‍රදේශයේදී සිරිපුර පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක්‌ සමග සැකකරුවෙකු අත්‌අඩංගුවට ගෙන ඇත.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරු වයස අවුරුදු 52 ක්වූ කළුකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?