උපයනවිට බද්ද, ඉදිරි අය වැයේදී සංශෝධනය කිරීමට පියවර

උපයනවිට බද්ද සංශෝධනය විය යුතු ආකාරය ගැන සති දෙකක් තුල වාර්ථාවක් ලබා දෙන ලෙසට ආංශික අධීක්ෂණ කාරක සභාව වෘත්තීය සංගම්වලට දැනුම් දී තිබෙනවා.

උපයනවිට බද්ද සඳහා ඉදිරි අයවැයේදී සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත් වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ.

ඒ බදු සංශෝධන ක්‍රියාවලිය ඔස්සේ බලපෑමට ලක්වූ වෘත්තිකයින් නියෝජනය කරමින් වෘත්තීය සංගම් කිහිපයක් සමග සාකච්ජා කිරීමට, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඔහුගේ සභාපතිත්වයෙන් පාර්මෙන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙම සාකච්ජාවේදී බදු සංශෝධනවලින් බලාපොරොත්තු වූ දේ සහ අරමුණු ඉටුවී තිබේද, ඒ ඔස්සේ බලාපොරොත්තු වූ ආදායම් උපාය ගැනීමට හැකිවී තිබේද යන්න පිළිබඳ දීර්ඝ ලෙස වෘත්තීය සංගම් නියෝජිතයින් අදහස් පළ කර තිබෙනවා. එම නියෝජිතයින් පැවසුවේ බදු සංශෝධනය තුළ උපයන විට බද්ද සඳහා සිදු කළ සංශෝධන හේතුවෙන් බොහෝ වෘත්තිකයින් පීඩාවට පත්ව ඇති බවයි.

උපයන විට බද්ද සංශෝධනය කිරීම ඔස්සේ රජය, මේ වසරේ අපේක්ෂිත අදායම් ඉලක්කවලට වඩා තවමත් පහළින් සිටින බව සාකච්ජාව සඳහා සහභාගී වූ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා. කෙසේ වෙතත් මේ මොහොත වන විටත් බදු සංශෝධනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස්වලට සහන සලසා දීමට කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරීන් කියාසිටියේ.

දේශීය ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් මෙහිදී කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මේ වනවිටත් බදු ක්‍රියාවලියට සම්බන්ධ නොවූ පිරිස සම්බන්ධ කර ගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව නව බදු ගෙවන්නන් සමූහ ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් (Bulk Registration) මෙම සතිය තුල ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

බදු ගැටලුව හේතුවෙන් වෘත්තිකයින් රට හැරයාම දක්වා ගැටලුවේ සංකීර්ණතාවයත්, බරපතලකමත් කමිටුව විසින් මෙහිදී පිළිගෙන තිබෙනවා. එබැවින් රජයට සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (IMF) මෙම ගැටලුව විසදීමේ දැඩි අවශ්‍යතාවය අවධාරණය කරන බවයි කමිටුව, වෘත්තීය සංගම් නියෝජිතයින්ට සහතික වී ඇත්තේ.

ඉදිරියේදී හෝ බදු සංශෝධන සිදුවන විට ඒ ඒ වෘත්තීන් සඳහා බදු පැනවිය යුතු ආකාරය ගැන ප්‍රතිපත්තියක් සකස් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ නීතිමය ලියවිල්ලක් බවට පත්කිරීමේ වැදගත්කම සභාපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව සති දෙකක් තුල සියලුම පාර්ශ්වවල එකඟතාවයෙන් උපයන විට බද්දේ සිදුවිය යුතු සංශෝධන පිළිබඳව වාර්තාවක් සකස් කර කමිටුව වෙත භාර දෙන ලෙසටයි සභාපතිවරයා අදාළ වෘත්තීය සංගම් නියෝජිතයින්ට උපදෙස් ලබා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06