වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී රාජකුමාරි මිය යාමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී රාජන් රාජකුමාරි නැමැති කාන්තාවක් මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම පොලිසියේ හිටපු නිලධාරීන් හතර දෙනා ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සැකකරුවන් අතරින් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකු අද (11) දිනයේ දී හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරනු ලැබුවා.

එහිදී විත්තිය විසින් මතු කරනු ලැබූ විරෝධතාවක් හේතුවෙන් එම පෙරෙට්ටුව අවලංගු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා එම සැකකරුවන් පෙරෙට්ටුව සඳහා ලබන 18 වනදා යළි ඉදිරිපත් කරන ලෙසත් ද නියෝග කළා.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් අනතුරුව වැලිකඩ පොලිසියෙන් මාරුකළ ස්ථානාධිපතිවරයා යළි එම තනතුරේ පිහිටුවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඉන් විමර්ශනවලට අගතියක් සිදුවිය හැකි බවත් දන්වා සිටියා.

කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබා දුන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38