AFC Banner
Empty Ad
Empty Ad

එක්දින ලෝක කුසලානයේ පළමු තරගයේදීම ධර්මසේන ක්‍රීඩා පිටියට – විනිසුරුවන් සහ තීරකවරුන් 20යි

එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ විනිසුරුවන් සහ තරග තීරකවරුන් ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වන විට නම්කර තිබෙනවා.

තරගාවලියේ ලීග් අදියර සඳහා මෙම විනිසුරුවන් සහ තීරකවරුන් නම්කර ඇති අතර, අවසන් පූර්ව වටයේ සහ අවසන් මහා තරගයේ විනිසුරුවරුන් සහ තීරකවරුන් තරගාවලිය අතර තුර නම් කිරීමට නියමිත බවයි ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.

ඒ, අනුව ලීග් අදියර සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් 20 දෙනෙකුගෙන් යුත් නාම ලේඛනයක් මේ වනවිට නම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට විනිසුරුවන් 16 දෙනෙකු සහ තරඟ තීරකවරුන් හතරදෙනෙකු ඇතුළත්.

එලෙස නම්කළ විනිසුරුවන් 16 දෙනා අතරට ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන ද ඇතුළත් වීම ද විශේෂත්වයක්.

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ විනිසුරුවන්ගේ ලැයිස්තුව වන්නේ,

ක්‍රිස්ටෝපර් ගෆනි (නවසීලන්තය), කුමාර් ධර්මසේන (ශ්‍රී ලංකාව), මාරයිස් ඉරැස්මස් (දකුණු අප්‍රිකාව), මයිකල් ගෝෆ් (එංගලන්තය), නිතින් මෙනන් (ඉන්දියාව), පෝල් රීෆල් (ඕස්ට්‍රේලියාව), රිචඩ් ඉලින්ග්වර්ත් (එංගලන්තය), රිචඩ් කෙට්ල්බරෝ ( එංගලන්තය), රොඩ්නි ටකර් (ඕස්ට්‍රේලියාව), ජොයෙල් විල්සන් (බටහිර ඉන්දීය කොදෙව්), අහ්සන් රාසා (පකිස්ථානය), ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් (දකුණු අප්‍රිකාව) ෂර්ෆුද්දුල ඉබ්නෙ ෂාහිඩ් (බංග්ලාදේශය), පෝල් විල්සන් (ඕස්ට්‍රේලියාව), ඇලෙක්ස් වෝෆ් (එංගලන්තය) සහ ක්‍රිස් බ්‍රවුන් (නවසීලන්තය)

තරගාවලිය වෙනුවෙන් නම්කර ඇති තරග තීරකවරුන් සිව්දෙනා වන්නේ,

ජෙෆ් ක්‍රෝ (නවසීලන්තය), ඇන්ඩි පයික්‍රොෆ්ට් (සිම්බාබ්වේ), රිචී රිචඩ්සන් (බටහිර ඉන්දීය කොදෙව්), ජවගල් ශ්‍රීනාත් (ඉන්දියාව)

මේ අතර ඔක්තෝබර් 05 වැනිදා එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගාවලියේ ආරම්භක තරගය සඳහා ද විනිසුරුවන් සහ තරග තීරකවරයා ද නම්කර තිබෙනවා.

ඒ, අනුව කුමාර ධර්මසේන සහ නිතින් මෙනන් පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කරන අතර, පෝල් විල්සන් රූපවාහිනී විනිසුරුවරයා ලෙසත් ෂර්ෆුද්දුල ඉබ්නෙ ෂාහිඩ් සිවුවැනි විනිසුරුවරයා ලෙසත් කටයුතු කරනවා.

සමාරම්භක තරගයේ, තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රොෆ්ට් බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
00:00
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54
Video thumbnail
අසේල සම්පත් දුම්මල වරම අතට ගනී - වඳුරු කුණුහරුප දැන් කියන්න හදන්න එපා
06:30
Video thumbnail
වසන්ත මුදලිගේ හදීසියේ උසාවි ගෙන්වයි - වසන්ත සියල්ල හෙළි කරයි
04:06
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් මාධ්‍යට - ගෝඨාභයගේ හිටපු ලේඛම් සියල්ල වමාරයි
12:56

?