එක්දින ලෝක කුසලානයේ පළමු තරගයේදීම ධර්මසේන ක්‍රීඩා පිටියට – විනිසුරුවන් සහ තීරකවරුන් 20යි

එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ විනිසුරුවන් සහ තරග තීරකවරුන් ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වන විට නම්කර තිබෙනවා.

තරගාවලියේ ලීග් අදියර සඳහා මෙම විනිසුරුවන් සහ තීරකවරුන් නම්කර ඇති අතර, අවසන් පූර්ව වටයේ සහ අවසන් මහා තරගයේ විනිසුරුවරුන් සහ තීරකවරුන් තරගාවලිය අතර තුර නම් කිරීමට නියමිත බවයි ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.

ඒ, අනුව ලීග් අදියර සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් 20 දෙනෙකුගෙන් යුත් නාම ලේඛනයක් මේ වනවිට නම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට විනිසුරුවන් 16 දෙනෙකු සහ තරඟ තීරකවරුන් හතරදෙනෙකු ඇතුළත්.

එලෙස නම්කළ විනිසුරුවන් 16 දෙනා අතරට ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන ද ඇතුළත් වීම ද විශේෂත්වයක්.

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ විනිසුරුවන්ගේ ලැයිස්තුව වන්නේ,

ක්‍රිස්ටෝපර් ගෆනි (නවසීලන්තය), කුමාර් ධර්මසේන (ශ්‍රී ලංකාව), මාරයිස් ඉරැස්මස් (දකුණු අප්‍රිකාව), මයිකල් ගෝෆ් (එංගලන්තය), නිතින් මෙනන් (ඉන්දියාව), පෝල් රීෆල් (ඕස්ට්‍රේලියාව), රිචඩ් ඉලින්ග්වර්ත් (එංගලන්තය), රිචඩ් කෙට්ල්බරෝ ( එංගලන්තය), රොඩ්නි ටකර් (ඕස්ට්‍රේලියාව), ජොයෙල් විල්සන් (බටහිර ඉන්දීය කොදෙව්), අහ්සන් රාසා (පකිස්ථානය), ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් (දකුණු අප්‍රිකාව) ෂර්ෆුද්දුල ඉබ්නෙ ෂාහිඩ් (බංග්ලාදේශය), පෝල් විල්සන් (ඕස්ට්‍රේලියාව), ඇලෙක්ස් වෝෆ් (එංගලන්තය) සහ ක්‍රිස් බ්‍රවුන් (නවසීලන්තය)

තරගාවලිය වෙනුවෙන් නම්කර ඇති තරග තීරකවරුන් සිව්දෙනා වන්නේ,

ජෙෆ් ක්‍රෝ (නවසීලන්තය), ඇන්ඩි පයික්‍රොෆ්ට් (සිම්බාබ්වේ), රිචී රිචඩ්සන් (බටහිර ඉන්දීය කොදෙව්), ජවගල් ශ්‍රීනාත් (ඉන්දියාව)

මේ අතර ඔක්තෝබර් 05 වැනිදා එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගාවලියේ ආරම්භක තරගය සඳහා ද විනිසුරුවන් සහ තරග තීරකවරයා ද නම්කර තිබෙනවා.

ඒ, අනුව කුමාර ධර්මසේන සහ නිතින් මෙනන් පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කරන අතර, පෝල් විල්සන් රූපවාහිනී විනිසුරුවරයා ලෙසත් ෂර්ෆුද්දුල ඉබ්නෙ ෂාහිඩ් සිවුවැනි විනිසුරුවරයා ලෙසත් කටයුතු කරනවා.

සමාරම්භක තරගයේ, තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රොෆ්ට් බවයි අයි.සී.සීය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51