වන්නිල ඇත්තන්ගේ පෙත්සම විභාගයට දින දෙයි

රඹකැන් ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් එළිපෙහෙළි කර ඒවා වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ රීට් පෙත්සම පෙබරවාරි මස 06 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පිරිසක්.

පෙත්සම අද (08) දිනයේ කැඳවූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය නියෝග කළේ පෙබරවාරි මස 06 වනදා එය විභාගයට ගන්නා බවයි.

එදින පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය පාර්ශවකරුවන්ට නියෝග කළා.

රඹකැන් ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපෙහෙළි කර ඒවා වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණය තුළින් තම ප්‍රජාවට දැඩි අගතියක් සිදුවන බවත් එබැවින් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු පිරිස ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවනම් ගෙවන්න..අපිනේ සල්ලි දෙන්නේ - ජනපති අනුර කිව්ව සැර කතාව
02:21
Video thumbnail
දැන් තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් නෙවෙයි - පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ගැන ජනපති කට අරියි
02:08
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58
Video thumbnail
අපි පොරවල් නෙවෙයි, අපිට මහා ලොකු දැනුමක් නෑ මේවා ගැන - අපි මැජික් කාරයෝ නෙවෙයි
01:52
Video thumbnail
ත්‍රීරෝද රථ සංගම්වලින් චෝදනා - ත්‍රීවිල් රියදුරන්ට විතරක් ඇයි මෙහෙම කරන්නේ ?
05:12
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල - සිද්ධිය වූ ස්ථානයේ දර්ශන
00:39
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55