මවට පහරදුන් අයියා මල්ලිගේ පහරින් මරුට

සූරියවැව වැලිආර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තම සොහොයුරා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණේ.

මියගොස් ඇත්තේ වැලිආර ප්‍රදේශයේම පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙක් වන අතර මවට පරුෂ වචනයෙන් බැන වැදීම සහ හිරිහැර කිරීම හේතුවෙන් බාල සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

28 හැවිරිදි සහෝදරයා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර සූරියවැව පොලිසියයි පරීක්ෂණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
6
+1
12
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව පාර්ලිමේන්තුවට කැඳවනවා
13:35
Video thumbnail
ජනාධිපතිතුමා වංචනිකයින්ට ගසාකන්න ඉඩ දීලා
12:12
Video thumbnail
L බෝඩ් කණ්ඩායමට රට දෙන්න එපා කියලා රනිල් එදාම කිව්වනේ
10:38
Video thumbnail
මුජිබුර්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් - මුදල් අමාත්‍යංශයේ ලේකම්ව අයින් කරන්න
05:29
Video thumbnail
මහා මංකොල්ලයට ජනාධිපති සෘජුව වගකිව යුතුයි
06:42
Video thumbnail
රු 1000කට අපි නැමෙන්නේ නෑ - අවංකව රාජකාරි කරන්නේ හරිද
02:39
Video thumbnail
අපිට චෝදනා කරන්න විපක්ෂයට මොකුත් නෑ
07:40
Video thumbnail
කථානායකකම පැත්තක තියලා දොස්තරකම අතට ගත්ත තුන්වැනි පුරවැසියා
01:39
Video thumbnail
ගෙයක් කොල්ලකාලා බඩු ටික බිරිඳටයි අනියම් බිරිඳටයි බෙදලා දීපු හිටපු ප්‍රා.සභා මන්ත්‍රීවරයා
01:26
Video thumbnail
බස් රථ තුනක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
01:02