සිර දඬුවම් නියම වී තිබූ ඉම්රාන් ඛාන්ට ඇප

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට නියම වූ වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබෙනවා.

ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනුයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධ නඩුවකට අදාළවයි ඔහුට සිර දඬුවම් නියමවී තිබුණේ.

එළඹෙන ජාතික මැතිවරණයට පෙර අභියෝගවලට මුහුණ දී සිටින ඛාන්ට මෙම තීරණය සැලකිය යුතු සහනයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඉම්රාන් ඛාන්ගේ නීතිමය කරුණු පිළිබඳ ප්‍රකාශකයෙකු වන Naeem Haider Panjutha සඳහන් කර ඇත්තේ විනිසුරු මඩුල්ල තම සේවාදායකයා ගේ අභියාචනය පිළිගත් බවයි.

ඉස්ලාමාබාද්හි අධිකරණයක් විසින් පසුගිය 5 වැනිදා 70 හැවිරිදි ඉම්රාන් ඛාන් වරදකරු කර වසර තුනක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

2018-2022 ධුර කාලය තුළ අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ අය විසින් රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීමේ චෝදනාව මත ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත් වූ දේශපාලනඥයාට දඬුවම් නියම වුණා.

එම තීන්දුවට අනුව ඔහුට ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් වීම වළක්වමින් වසර පහක දේශපාලන කටයුතු ද තහනම් කිරීමටයි පියවර ගැනුණේ.

2022 වසරේ අප්‍රේල් මාසයේදී විශ්වාසභංගයක් මගින් නෙරපා හැරීමෙන් පසු නඩු 100කට වැඩි ප්‍රමාණයකට මුහුණ දෙන ඛාන් දැනට වයඹ දිග ඇටෝක් නගරයේ සිරගතව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39