spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිර දඬුවම් නියම වී තිබූ ඉම්රාන් ඛාන්ට ඇප

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට නියම වූ වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබෙනවා.

ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනුයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධ නඩුවකට අදාළවයි ඔහුට සිර දඬුවම් නියමවී තිබුණේ.

එළඹෙන ජාතික මැතිවරණයට පෙර අභියෝගවලට මුහුණ දී සිටින ඛාන්ට මෙම තීරණය සැලකිය යුතු සහනයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඉම්රාන් ඛාන්ගේ නීතිමය කරුණු පිළිබඳ ප්‍රකාශකයෙකු වන Naeem Haider Panjutha සඳහන් කර ඇත්තේ විනිසුරු මඩුල්ල තම සේවාදායකයා ගේ අභියාචනය පිළිගත් බවයි.

ඉස්ලාමාබාද්හි අධිකරණයක් විසින් පසුගිය 5 වැනිදා 70 හැවිරිදි ඉම්රාන් ඛාන් වරදකරු කර වසර තුනක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

2018-2022 ධුර කාලය තුළ අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ අය විසින් රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීමේ චෝදනාව මත ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත් වූ දේශපාලනඥයාට දඬුවම් නියම වුණා.

එම තීන්දුවට අනුව ඔහුට ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් වීම වළක්වමින් වසර පහක දේශපාලන කටයුතු ද තහනම් කිරීමටයි පියවර ගැනුණේ.

2022 වසරේ අප්‍රේල් මාසයේදී විශ්වාසභංගයක් මගින් නෙරපා හැරීමෙන් පසු නඩු 100කට වැඩි ප්‍රමාණයකට මුහුණ දෙන ඛාන් දැනට වයඹ දිග ඇටෝක් නගරයේ සිරගතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?