ගින්නකට හසුවීමෙන් නිවසක ඇදක් මත මිය ගොස් සිටි ආබාධිත පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසනවා.
ඊයේ (27) මෙලෙස මිය ගොස් ඇත්තේ හලාවත, ඉලිප්පදෙණිය, මල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 49ක පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා මීට වසර 02 කට පමණ පෙර ආබාධිත තත්ත්වයට පත්ව ඇති අතර, එතැන් සිට ඔහු සිය වැඩිමහල් සහෝදරිය සමඟ ජීවත්ව ඇති අතර, බිරිඳ සහ දරුවන් දෙදෙනා ඔහු අතහැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සහෝදරිය කිසියම් අවශ්‍යතාවයකට නිවසින් බැහැරට ගොස් තිබූ අවස්ථාවක මෙම ගිනි ගැනීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කිසියම් හේතුවකින් ඔහු සිටි ඇදට ගිනි ඇවිලීමෙන් මරණය සිදුවන්නට ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.
මෙලෙස ගින්න හටගැනීමට හේතුව විදුලිය කාන්දුවීමක් ද එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසා ද යන්න තවමත් අනාවරණය වී නැහැ.
හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.