සබරගමුව පළාත් සභාවේ කටයුතු ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය

සබරගමුව පළාත් සභාවේ කටයුතු පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී අවශ්‍ය සියලුම අංශ පිළිබඳ පරීක්ෂා කර බැලීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ ද නිලධාරීන් සම්බන්ධ කර ගැනීම සිදු වූ බව සඳහන්.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ සබරගමුව පළාත් සභාවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී අංක පී එස්/ සී එස් ඒ/00/1/4/2 හා 2018 ඔක්තොබර් 12 දිනැති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛය මගින් එක් අයෙකුට හිමි ඉන්ධන දීමනාව තවත් අයෙකුට ලබාදීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටි කාලය තුළදී ඔහුට නිෂ්චය කළ රුපියල් 725,000ක ඉන්දන දීමනාව පෞද්ගලික ලේකම්වරිය වෙත ලබාදීම ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එසේම ප්‍රධාන අමාත්‍යාංශයට අයත් සහ ආණ්ඩුකාර ලේකම් කාර්යලයට අයත් වාහන දෙකක් අනතුරට ලක්වීමෙන් පසු රක්ෂණ සමාගම විසින් ලබාදෙන වන්දිය ලබා නොගෙන පෞද්ගලික ගරාජයකට ලබාදී අලුත්වැඩියා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණා.

මේ අනුව මේ සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙසටයි කමිටුව නිර්දේශ කළේ.

තව ද පළාත් සභාව සඳහා අවශ්‍ය වෛද්‍යවරු හිඟය සහ විදේශගතවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණ අතර අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණයේ හිඟයක් නොපවතින බව මෙහිදී හඳුනා ගැනුණා.

එසේම ප්‍රධාන අමාත්‍යාංශය විසින් පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේ පස් මහල් නේවාසිකාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් කටයුතු කර එම ඉදිකිරීම් අතරමග නවතා දැමීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ලබාදුන් අත්තිකාරම් මුදලින් රුපියල් 24,702,328ක් තවමත් අයකර නොගැනීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු වුණා.

සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආරවුල් විසදීම සඳහා අදාළ සමිතිවලින් තීරක ගාස්තුවක් අය කර ආරවුල් විසඳීමෙහි නිරත සමූපකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් තීරක ගෙවීමක් සිදු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ සඳහා බලතල ඔවුන් සතුව ඇති අතර මෙම රාජකාරීන් සිදු කරන්නේ නිවාඩු දින වල බවයි. එසේම මෙලෙස කටයුතු සිදු කිරීම ලාබ සහගත බවත් මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා.

එසේම පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත අනුමත ඉන්ධන ප්‍රමාණයක් මාසිකව ලබාදෙමින් පැවතියදී පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් ද රුපියල් 5000ක සීමාවකට යටත්ව මාසික ඉන්ධන දීමනාවක් ලබාදීම පිළිබඳව ද කමිටුව විසින් ප්‍රශ්න කර තිබෙනවා. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ප්‍රාදේශීය සභා පනත අනුව විශය භාර අමාත්‍යවරයාගේ අනුමතිය සහිතව මෙම දීමනාව ලබාදී ඇති බවයි.

සබරගමුව පළාත් සභාව සතු ප්‍රදේශයේ සියලුම පළාත් පාලන ආයතනවල විගණනයේදී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් විමසීම ද මෙහිදී සිදු කෙරුණා. මේ සඳහා සියලු පාළාත් පාලන ආයතන නියෝජනය වන පරිදි නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධකර ගැනීම ද සිදු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?