සබරගමුව පළාත් සභාවේ කටයුතු ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය

සබරගමුව පළාත් සභාවේ කටයුතු පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී අවශ්‍ය සියලුම අංශ පිළිබඳ පරීක්ෂා කර බැලීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ ද නිලධාරීන් සම්බන්ධ කර ගැනීම සිදු වූ බව සඳහන්.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ සබරගමුව පළාත් සභාවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී අංක පී එස්/ සී එස් ඒ/00/1/4/2 හා 2018 ඔක්තොබර් 12 දිනැති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛය මගින් එක් අයෙකුට හිමි ඉන්ධන දීමනාව තවත් අයෙකුට ලබාදීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටි කාලය තුළදී ඔහුට නිෂ්චය කළ රුපියල් 725,000ක ඉන්දන දීමනාව පෞද්ගලික ලේකම්වරිය වෙත ලබාදීම ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එසේම ප්‍රධාන අමාත්‍යාංශයට අයත් සහ ආණ්ඩුකාර ලේකම් කාර්යලයට අයත් වාහන දෙකක් අනතුරට ලක්වීමෙන් පසු රක්ෂණ සමාගම විසින් ලබාදෙන වන්දිය ලබා නොගෙන පෞද්ගලික ගරාජයකට ලබාදී අලුත්වැඩියා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණා.

මේ අනුව මේ සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙසටයි කමිටුව නිර්දේශ කළේ.

තව ද පළාත් සභාව සඳහා අවශ්‍ය වෛද්‍යවරු හිඟය සහ විදේශගතවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණ අතර අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණයේ හිඟයක් නොපවතින බව මෙහිදී හඳුනා ගැනුණා.

එසේම ප්‍රධාන අමාත්‍යාංශය විසින් පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේ පස් මහල් නේවාසිකාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් කටයුතු කර එම ඉදිකිරීම් අතරමග නවතා දැමීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ලබාදුන් අත්තිකාරම් මුදලින් රුපියල් 24,702,328ක් තවමත් අයකර නොගැනීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු වුණා.

සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආරවුල් විසදීම සඳහා අදාළ සමිතිවලින් තීරක ගාස්තුවක් අය කර ආරවුල් විසඳීමෙහි නිරත සමූපකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් තීරක ගෙවීමක් සිදු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ සඳහා බලතල ඔවුන් සතුව ඇති අතර මෙම රාජකාරීන් සිදු කරන්නේ නිවාඩු දින වල බවයි. එසේම මෙලෙස කටයුතු සිදු කිරීම ලාබ සහගත බවත් මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා.

එසේම පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත අනුමත ඉන්ධන ප්‍රමාණයක් මාසිකව ලබාදෙමින් පැවතියදී පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් ද රුපියල් 5000ක සීමාවකට යටත්ව මාසික ඉන්ධන දීමනාවක් ලබාදීම පිළිබඳව ද කමිටුව විසින් ප්‍රශ්න කර තිබෙනවා. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ප්‍රාදේශීය සභා පනත අනුව විශය භාර අමාත්‍යවරයාගේ අනුමතිය සහිතව මෙම දීමනාව ලබාදී ඇති බවයි.

සබරගමුව පළාත් සභාව සතු ප්‍රදේශයේ සියලුම පළාත් පාලන ආයතනවල විගණනයේදී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් විමසීම ද මෙහිදී සිදු කෙරුණා. මේ සඳහා සියලු පාළාත් පාලන ආයතන නියෝජනය වන පරිදි නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධකර ගැනීම ද සිදු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26