AFC Banner
Empty Ad
Empty Ad

සක්විති රණසිංහ තවත් රුපියල් ලක්ෂ 50ක් අධිකරණය හමුවේ තැන්පත් කරයි

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා විසින් අද තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ තැන්පත් කර තිබෙනවා.

අදාළ චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා සහ ඔහුගේ බිරිඳට තැන්පත්කරුවන් ගෙන් ලබා ගත් මුදල්
රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික 20කින් ගෙවා අවසන් කරන ලෙසටයි අධිකරණය විසින් නියෝග කර තිබුණේ.

ඒ අනුව පසුගිය නඩු දිනයේදී සක්විති රණසිංහ විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් අධිකරණය හමුවේ තැන්පත් කළා.

නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී එහි දෙවන වාරිකය වන තවත් ලක්ෂ 50ක මුදලක් ද විත්තිකරු විසින් අධිකරණය හමුවේ තැන්පත් කරනු ලැබුවා.

ඒ අනුව නඩුවට අදාළ මීළඟ වාරිකය ගෙවීම සඳහා නඩුව නැවත සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසටයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේ.

2006 වසරේ ජනවාරි මස සහ 2008 වසරේ සැප්තැම්බර් මාසය අතර කාලසීමාව තුළ සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් තැන්පතු මුදල් ලබාගෙන රුපියල් මිලියන 160කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණා.

ඒ අනුව එම චෝදනාවලට ඔවුන් වරද පිළිගත් අතර සෑම මසකම රුපියල් ලක්ෂ පනහ බැගින් වාරික විස්සකින් ගෙවා අවසන් කළ යුතු බවට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
9
+1
4
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?