සක්විති රණසිංහ තවත් රුපියල් ලක්ෂ 50ක් අධිකරණය හමුවේ තැන්පත් කරයි

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා විසින් අද තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ තැන්පත් කර තිබෙනවා.

අදාළ චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා සහ ඔහුගේ බිරිඳට තැන්පත්කරුවන් ගෙන් ලබා ගත් මුදල්
රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික 20කින් ගෙවා අවසන් කරන ලෙසටයි අධිකරණය විසින් නියෝග කර තිබුණේ.

ඒ අනුව පසුගිය නඩු දිනයේදී සක්විති රණසිංහ විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් අධිකරණය හමුවේ තැන්පත් කළා.

නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී එහි දෙවන වාරිකය වන තවත් ලක්ෂ 50ක මුදලක් ද විත්තිකරු විසින් අධිකරණය හමුවේ තැන්පත් කරනු ලැබුවා.

ඒ අනුව නඩුවට අදාළ මීළඟ වාරිකය ගෙවීම සඳහා නඩුව නැවත සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසටයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේ.

2006 වසරේ ජනවාරි මස සහ 2008 වසරේ සැප්තැම්බර් මාසය අතර කාලසීමාව තුළ සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් තැන්පතු මුදල් ලබාගෙන රුපියල් මිලියන 160කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණා.

ඒ අනුව එම චෝදනාවලට ඔවුන් වරද පිළිගත් අතර සෑම මසකම රුපියල් ලක්ෂ පනහ බැගින් වාරික විස්සකින් ගෙවා අවසන් කළ යුතු බවට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
9
+1
4
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16