හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහි නඩුවක නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට දින නියම වෙයි

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම හරහා දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය සැප්තැම්බර් මස 22 වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය දැනුම් දී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ යි අද මම නඩුව කැඳවනු ලැබුවේ.

එහිදී අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් නිදහස් කළ ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මීට පෙර මූලික විරෝධතා මතු කර තිබුණා.

නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම මූලික විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා නියෝග කළේ මෙම මූලික විරෝධතා පිළිබඳ නියෝගය සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

2012 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18