spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහි නඩුවක නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට දින නියම වෙයි

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම හරහා දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය සැප්තැම්බර් මස 22 වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය දැනුම් දී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ යි අද මම නඩුව කැඳවනු ලැබුවේ.

එහිදී අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් නිදහස් කළ ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මීට පෙර මූලික විරෝධතා මතු කර තිබුණා.

නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම මූලික විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා නියෝග කළේ මෙම මූලික විරෝධතා පිළිබඳ නියෝගය සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

2012 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?