මයිකල් ජැක්සන්ට යළිත් නඩු වැටෙන ලකුණු

මයිකල් ජැක්සන් විසින් තමන් කුඩා කල ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා කරන පුද්ගලයින් දෙදෙනෙකුට ඔවුන්ගේ නඩුවක් නැවත පණ ගැන්විය හැකි බවට එක්සත් ජනපද අධිකරණයක විනිසුරුවන් විසින් තීන්දු කර තිබෙනවා.

දැනට වයස අවුරුදු 40 වයස්වල පසුවන Wade Robson සහ James Safechuck පවසන්නේ තමන් ළමා වයසේ පසුවන කාලයේදී සුපිරි ගායකයා වසර ගණනාවක් තමන්ව අපයෝජනය කළ බවයි.

අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ට දැන් ගායකයාගේ සමාගම්වලට එරෙහිව කලින් අවහිර කර තිබූ නඩු යළි පැනවීමට හැකි බවයි.

ඔවුන් දෙදෙනා පවසන්නේ මෙම සමාගම්වලට තමන් ආරක්ෂා කිරීමේ වගකීමක් තිබූ බවයි.

කෙසේවෙතත් 2009 වසරේ දී මියගිය මයිකල් ජැක්සන්ගේ නීතීඥයන් දැඩිව ප්‍රකාශ කරන්නේ ඔහු නිර්දෝෂී බවයි.

1980 ගණන්වල අගභාගයේ සහ 1990 ගණන්වල මුල් භාගයේදී මයිකල් ජැක්සන් විසින් ඔහුගේ නෙවර්ලන්ඩ් ගොවිපොළේ රැඳී සිටියදී තමන් අපයෝජනයට ලක් කළ බව රොබ්සන් සහ සෆෙචුක් පවසනවා.

ජැක්සන්ගේ පවුලේ අය “ප්‍රසිද්ධ ඝාතන” ලෙස හඳුන්වන ලද Leaving Neverland වාර්තා චිත්‍රපටයේ ද 2019 වසරේදී මෙම චෝදනා ඇතුළත් වී තිබුණා.

2020 වසරේ දී, ලොස් ඇන්ජලීස් අධිකරණයක් විසින් මයිකල් ජැක්සන්ගේ ව්‍යාපාරවලට එරෙහිව නඩු පැවරීමට Safechuckට නොහැකි බව තීන්දු කළේ, සමාගම්වලට ඔහුව රැකබලා ගැනීමේ වගකීමක් නොමැති බව පවසමිනි.

වසරකට පසුව, එම අධිකරණය මගින් Wade Robsonට සම්බන්ධයෙන් ද අදාළ නියෝග නිකුත් කරනු ලැබුවා.

ජැක්සන්ගේ වතුයායේ නීතීඥ ජොනතන් ස්ටෙයින්සාපිර් පැවසුවේ ජැක්සන් නිර්දෝෂී බවට තමාට සම්පූර්ණ විශ්වාසයක් ඇති බවත්, එම චෝදනා පදනම් විරහිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18
Video thumbnail
කොටි නායකයෙකුගේ ගුණ වයපු මන්ත්‍රීවරයාට වැඩ වරදියි
04:03
Video thumbnail
ටිල්වින් සිල්වා පාර්ලිමේන්තුවේ බලය හෑල්ලු කළා
04:49
Video thumbnail
මමයි විමලුයි හොඳ යාළුවෝ - කරදරයක් වුණාම බලන්න යනවා
04:49
Video thumbnail
බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම - "හොඳට හෝදන්න - ආයේ කෙළ ගහන්න බෑ"
01:04
Video thumbnail
මන්ත්‍රී ධුරය අහෝසි කිරීම ගේන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීලා බලහත්කාරයෙන් තියාගන්න - එයාලා බයවෙලා
01:22
Video thumbnail
ටිල්වින් දැන් මැතිවරණ කොමසාරිස් වෙලා - කවද්ද දිවුරුම් දුන්නද දන්නේ නෑ
02:24
Video thumbnail
රනිල් දැන් රිටයර් වෙලා ඉන්නේ - ආයේ එනවද..?
04:24
Video thumbnail
ජාඇල උණුසුම් තත්ත්වයක් - අපේ වන්දි මුදල් මෙවුන් හොරා කාලා, හෙරියකුත් ඉන්නවා..අපි කන්නෙත් මහපාරේ
03:36