මයිකල් ජැක්සන්ට යළිත් නඩු වැටෙන ලකුණු

මයිකල් ජැක්සන් විසින් තමන් කුඩා කල ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා කරන පුද්ගලයින් දෙදෙනෙකුට ඔවුන්ගේ නඩුවක් නැවත පණ ගැන්විය හැකි බවට එක්සත් ජනපද අධිකරණයක විනිසුරුවන් විසින් තීන්දු කර තිබෙනවා.

දැනට වයස අවුරුදු 40 වයස්වල පසුවන Wade Robson සහ James Safechuck පවසන්නේ තමන් ළමා වයසේ පසුවන කාලයේදී සුපිරි ගායකයා වසර ගණනාවක් තමන්ව අපයෝජනය කළ බවයි.

අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ට දැන් ගායකයාගේ සමාගම්වලට එරෙහිව කලින් අවහිර කර තිබූ නඩු යළි පැනවීමට හැකි බවයි.

ඔවුන් දෙදෙනා පවසන්නේ මෙම සමාගම්වලට තමන් ආරක්ෂා කිරීමේ වගකීමක් තිබූ බවයි.

කෙසේවෙතත් 2009 වසරේ දී මියගිය මයිකල් ජැක්සන්ගේ නීතීඥයන් දැඩිව ප්‍රකාශ කරන්නේ ඔහු නිර්දෝෂී බවයි.

1980 ගණන්වල අගභාගයේ සහ 1990 ගණන්වල මුල් භාගයේදී මයිකල් ජැක්සන් විසින් ඔහුගේ නෙවර්ලන්ඩ් ගොවිපොළේ රැඳී සිටියදී තමන් අපයෝජනයට ලක් කළ බව රොබ්සන් සහ සෆෙචුක් පවසනවා.

ජැක්සන්ගේ පවුලේ අය “ප්‍රසිද්ධ ඝාතන” ලෙස හඳුන්වන ලද Leaving Neverland වාර්තා චිත්‍රපටයේ ද 2019 වසරේදී මෙම චෝදනා ඇතුළත් වී තිබුණා.

2020 වසරේ දී, ලොස් ඇන්ජලීස් අධිකරණයක් විසින් මයිකල් ජැක්සන්ගේ ව්‍යාපාරවලට එරෙහිව නඩු පැවරීමට Safechuckට නොහැකි බව තීන්දු කළේ, සමාගම්වලට ඔහුව රැකබලා ගැනීමේ වගකීමක් නොමැති බව පවසමිනි.

වසරකට පසුව, එම අධිකරණය මගින් Wade Robsonට සම්බන්ධයෙන් ද අදාළ නියෝග නිකුත් කරනු ලැබුවා.

ජැක්සන්ගේ වතුයායේ නීතීඥ ජොනතන් ස්ටෙයින්සාපිර් පැවසුවේ ජැක්සන් නිර්දෝෂී බවට තමාට සම්පූර්ණ විශ්වාසයක් ඇති බවත්, එම චෝදනා පදනම් විරහිත බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38