කැකිරාවේ දී ඇල්ලූ හොර දොස්තර (ඡායාරූප)

සුදුසුකම් නොමැතිව බටහිර වෛද්‍යවරයකු ලෙස කටයුතු කරමින් කැකිරාව නගරයේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් ඖෂධ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් කලක සිට කැකිරාව නගරයේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු නිසි සුදුසුකම් සපුරා නොමැතිව රෝගීන් සඳහා බටහිර ඖෂධ නිකුත් කිරීමත්, ඇතැම් රෝගීන්ට යම් යම් ශල්‍යකර්ම ද සිදුකර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

මෙම වැටලීමේ දී එම පුද්ගලික බෙහෙත් ශාලාව තුළ තිබී රෝගීන්ට නිකුත් කිරීමට රැගෙනවිත් තිබූ බටහිර ඖෂධ තොගයක් ද සිය භාරයට ගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

බෙහෙත් ශාලාව තුළ සිදුකළ සෝදිසි කිරීමේ දී ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසු ඉවත් කළ ලේ තැවරුණ පුළුන් ආදීය ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

අත්දන්ගුවට ගැනුණු සැකකරු සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් කිරීමෙන් පසු ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56