අලුත උපන් බිළිඳුන් 07ක් මැරූ හෙදියක් බ්‍රිතාන්‍ය අධිකරණයක දී වරදකරු කෙරේ

අලුත උපන් බිළිඳුන් හත් දෙනෙකු ඝාතනය කර තවත් හය දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය හෙදියක් එරට අධිකරණයක් විසින් වරදකරු කර තිබෙනවා.

ඊයේ දිනයේ මෙලෙස වරදකරු කරනු ලැබුවේ 33 හැවිරිදි ලුසී ලෙට්බි නැමැති හෙදියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු එංගලන්තයේ මැන්චෙස්ටර් ක්‍රවුන් උසාවියේ ජූරි සභාව දින 22ක් නඩුව විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දු ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

බිළිඳුන්ට අධික ලෙස කිරි ලබාදීම සහ ඉන්සියුලින් විෂ කිරීම යන චෝදනාවන් මෙම හෙදියට එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

වයඹදිග එංගලන්තයේ චෙස්ටර් රෝහලේ නව ජන්ම ඒකකයේ 2015 වසරේ ජුනි සහ 2016 වසරේ ජුනි අතර සිදුවූ ළඳරු මරණ මාලාවකින් පසුව ලුසී ලෙට්බි නැමැති මෙම හෙදිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් අනතරුව සිදුකළ විමර්ශන වල දී ඇය විසින් මෙම ඝාතනයන් සිදුකළ බවට කරුණු අනාවරණය වී ඇති බවයි වාර්තා වුණේ.

ඇයගේ නිවසේ සෝදිසි කිරීම් වලදී, පොලිසිය විසින් රෝහල් ලේඛන සහ ඇයගේ අත් අකුරින් ලියූ සටහනක් සොයා ගන්නා ලද ආතර එහි “මම නපුරුයි, මම මෙය කළා” යනුවෙන් සටහන් කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ලුසී ලෙට්බිගේ මෙම නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දී බ්‍රිතාන්‍යයේ කුප්‍රකට වෛද්‍ය මිනීමරුවන් දෙදෙනෙකු වන වෛද්‍ය හැරල්ඩ් ෂිප්මන් සහ හෙදියක් වන බෙවර්ලි ඇලිට් පිළිබඳ මතකයන් නැවත අවදි කළ බවයි වාර්තා වුණේ.

සාමාන්‍ය වෛද්‍යවරයකු වූ ෂිප්මන්, ඔහුගේ රෝගීන් 15 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර හතරකට පසු 2004 දී සිරගෙදරදී ගෙල වැළලාගෙන මිය ගියා.

“මරණයේ දූතයා” ලෙස නම් කරන ලද හෙදියක් වන බෙවර්ලි ඇලිට් 1993 වසරේ දී ජීවිතාන්තය දක්වා සිරගත කරනු ලැබුවේ ඇය භාරයේ සිටි කුඩා දරුවන් හතර දෙනෙකු ඝාතනය කිරීම, තවත් තිදෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සහ තවත් හය දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
4
+1
14
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
00:00
Video thumbnail
ටිල්වින් දැන් මැතිවරණ කොමසාරිස් වෙලා - කවද්ද දිවුරුම් දුන්නද දන්නේ නෑ
02:24
Video thumbnail
රනිල් දැන් රිටයර් වෙලා ඉන්නේ - ආයේ එනවද..?
04:24
Video thumbnail
ජාඇල උණුසුම් තත්ත්වයක් - අපේ වන්දි මුදල් මෙවුන් හොරා කාලා, හෙරියකුත් ඉන්නවා..අපි කන්නෙත් මහපාරේ
03:36
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:52
Video thumbnail
යෝෂිතගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
00:53
Video thumbnail
පැතිර යන මොළේ උණ රෝගය ගැන විශේෂ හෙළිදරව්වක් - මේ වෙනකොට රෝගීන් 200ක් වාර්තාවෙලා
08:54
Video thumbnail
අම්මව බලන්න තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
02:25
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය
01:02
Video thumbnail
අලුතෙන් ගෙනාපු ගල් අඟුරුත් බාලයි - චානකගෙන් හෙළිදරව්වක්
09:54