කෙසෙල්වත්තේ පොඩි කවී, වෙඩි තබා ඝාතනය කිරීමට දෙදෙනෙක් අල්ලයි

පසුගිය 30 වනදා කෙසෙල්වත්ත, මාටිස් පටුමඟ ප්‍රදේශයේ දී වෙළඳසැලක් තුළ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අපරාධය සඳහා පැමිණි යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 20 සහ 30 යන වයස්වල පසුවන මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

වෙඩි තැබීම සඳහා වෙඩිකරුවන්ට යතුරුපැදිය සපයා ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මොවුන් අද (07) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පසුගිය 30 වනදා එම වෙඩිතැබීම සිදුකළ අතර එහිදී 20 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මොහු කාවින්ද දිල්ෂාන් හෙවත් ‘කෙසෙල්වත්තේ පොඩි කවී’ නැමැත්තා බවට හඳුනාගත් අතර, ඩුබායි හි සැඟව සිටින කෙසෙල්වත්තේ දනුකගේ ගෝලයෙකු බවටයි පසුව අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !