පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත් මුදලේ ඓතිහාසික වැඩිවීමක්

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත එරට ක්‍රිකට් ආයතනය විසින් පිරිනැමෙන මධ්‍යම කොන්ත්‍රාත් මුදලේ ඓතිහාසික වැඩිවීමක් ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

මෙම නව කොන්ත්‍රාත්තු මඟින් පසුගිය වසරේ මෙන් රතු සහ සුදු පන්දු ක්‍රීඩකයින් බෙදී ගිය ආකෘතිය ඉවත් කර, A,B,C,D, යන කාණ්ඩ 04ක් ඔස්සේ ක්‍රීඩකයින් බෙදාවෙන්කර තිබෙනවා.

මෙලෙස කොන්ත්‍රාත් මුදල් ඉහළ දැමීමත් සමඟ පාකිස්ථාන කණ්ඩායමේ නායක බබාර් අසාම්, වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සහ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් යන තිදෙනාට A කාණ්ඩය යට‍තේ මසකට පාකිස්ථාන රුපියල් මිලියන 4.5ක් හිමිවීමට නියමිතයි.

එම මුදල ඇමරිකානු ඩොලර් 15,900ක් පමණ වනවා.

එමෙන්ම B කාණ්ඩයේ ක්‍රීඩකයින්ට මසකට පාකිස්ථාන රුපියල් මිලියන 3ක්, එනම් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 10,600ක පමණ මුදලක් හිමිවන බව සඳහන්.

C සහ D කාණ්ඩයේ ක්‍රීඩකයින්ට පාකිස්ථාන රුපියල් මිලියන 0.75ත් 1.5ත් අතර කොන්ත්‍රාත් මුදලක් හිමිවනවා.

මේ අතර පාකිස්ථාන ක්‍රීඩකයින් විදේශ විස්සයි විස්ස ලීගවලට සහභාගී වීම පිළිබඳව ද එරට ක්‍රිකට් ආයතනය විසින් සාකච්ඡා පවත්වන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?