පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත් මුදලේ ඓතිහාසික වැඩිවීමක්

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත එරට ක්‍රිකට් ආයතනය විසින් පිරිනැමෙන මධ්‍යම කොන්ත්‍රාත් මුදලේ ඓතිහාසික වැඩිවීමක් ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

මෙම නව කොන්ත්‍රාත්තු මඟින් පසුගිය වසරේ මෙන් රතු සහ සුදු පන්දු ක්‍රීඩකයින් බෙදී ගිය ආකෘතිය ඉවත් කර, A,B,C,D, යන කාණ්ඩ 04ක් ඔස්සේ ක්‍රීඩකයින් බෙදාවෙන්කර තිබෙනවා.

මෙලෙස කොන්ත්‍රාත් මුදල් ඉහළ දැමීමත් සමඟ පාකිස්ථාන කණ්ඩායමේ නායක බබාර් අසාම්, වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සහ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් යන තිදෙනාට A කාණ්ඩය යට‍තේ මසකට පාකිස්ථාන රුපියල් මිලියන 4.5ක් හිමිවීමට නියමිතයි.

එම මුදල ඇමරිකානු ඩොලර් 15,900ක් පමණ වනවා.

එමෙන්ම B කාණ්ඩයේ ක්‍රීඩකයින්ට මසකට පාකිස්ථාන රුපියල් මිලියන 3ක්, එනම් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 10,600ක පමණ මුදලක් හිමිවන බව සඳහන්.

C සහ D කාණ්ඩයේ ක්‍රීඩකයින්ට පාකිස්ථාන රුපියල් මිලියන 0.75ත් 1.5ත් අතර කොන්ත්‍රාත් මුදලක් හිමිවනවා.

මේ අතර පාකිස්ථාන ක්‍රීඩකයින් විදේශ විස්සයි විස්ස ලීගවලට සහභාගී වීම පිළිබඳව ද එරට ක්‍රිකට් ආයතනය විසින් සාකච්ඡා පවත්වන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14