කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ බිරිඳ සොෆී ග්‍රෙගෝයර්ගෙන් වෙන් වන බව බදාදා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් නිවේදනය කර ඇත.
වසර 18ක්වන මොවුන්ගේ විවාහ දිවිය ආරම්භ වී ඇත්තේ 2005 වසරේ මැයි මාසයේදී ය.
ලෝක නායකයන්ගේ බිරින්ඳෑවරුන් අතරින් අගමැති ටෘඩෝගේ බිරිඳ සුරූපීම බිරිඳ ලෙස හදුන්වනු ලැබේ.
51 හැවිරිදි ටෘඩෝ සහ 48 හැවිරිදි සොෆී දෙපළට වයස අවුරුදු 15, 14 සහ 9 යන වයස්වල දරුවන් තිදෙනෙක් සිටිති.
2020 වසරේ පැවැති ඔවුන්ගේ සංවත්සරයේදී ටෘඩෝ සිය බිරිදව විස්තර කළේ “my rock, my partner, and my best friend.” ලෙසයි.“බොහෝ අර්ථවත් හා දුෂ්කර සංවාද වලින් පසුව, අපි වෙන්වීමට තීරණය කළා” යනුවෙන් ටෘඩෝ අගමැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙම වෙන්වීම සටහන් කර තිබේ.
ටෘඩෝ මේ සතියේ වෙන්වීම ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට ඉඩ ඇති බව ද වාර්තාවේ.ටෘඩෝගේ කාර්යාලය පැවසුවේ ඔවුන් දෙදෙනා නීතිමය ගිවිසුමකට අත්සන් කර ඇති අතර, යුවළ තම දරුවන් ඇති දැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව යි.














If it was their wish let it happened. All the best.