AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රතිකාර ගන්න රෝහලට ආ රෝගියාගේ මළ සිරුර රෝහල් කාණුවක

කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් කාණුවක වැටී මියගොස් සිටිය දී අද (01) උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70ක් පමණ වන මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර කකුලේ ඇති තුවාලයකට බෙහෙත් ලබාගැනීම සඳහා රෝහල වෙත ඇතුළත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මොහු එම රෝහලේ 05 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
10
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?