‘බටානා’ සොරකම් කළ බව කියා 15 හැවිරිදි දරුවෙකුට පහරදීලා

වගා බිමකින් ‘බටානා’ සොරකම් කළ බවට චෝදනා කරමින් වයස අවුරුදු 15ක දරුවෙකුට පහර දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා.

කල්පිටිය – මණ්ඩලකුඩාව ප්‍රදේශයේ දී ඊයේ (30) පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කල්පිටිය – කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි දරුවෙක් වන අතර, ඔහු ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑමට ලක් වූ දරුවා තමත් දරුවන් දෙදෙනෙකු ද සමඟ කල්පිටිය – මණ්ඩලකුඩාව ප්‍රදේශයේ ඇති බටානා වගාවක් ආසන්නයෙන් ගමන් කරමින් සිට ඇති අතර,එහිදී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු දරුවන්ගේ අතට බටානා සහිත මල්ලක් ලබා දී තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා විසින් එක් දරුවෙකුට පහර දී ඇත්තේ බටානා සොරකම් කළ බවට චෝදනා කරමින්.

පහරදීම සිදුකර අවස්ථාවේ අනිත් දරුවන් දෙදෙනා පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අද (31) පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කල්පිටිය පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59