ආණ්ඩුවේ ප්‍රමුඛතාව දේශපාලනයට නොව රට නිවැරදි මාවතට මෙහෙයවීමටයි – සාගල රත්නායක

ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ දේශපාලනයට නොව, රට නිවැරදි මාවතට මෙහෙයවීමට බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය (YPO) විසින් කොළඹදී සංවිධානය කළ උත්සවයකට එක් වෙමින්.

විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙතින් මෙරට ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබාගත හැකි නමුත් එය රජයේ ප්‍රතිපත්තිය කරගත නොහැකි බවයි සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේ.

ශක්තිමත් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයක් මෙන්ම දියුණු සංචාරක කර්මාන්තයක් රට තුළ ඇති කරමින් මෙරට ආර්ථිකය ගොඩනංවා තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කළ යුතු බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සාගල රත්නායක මහතා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා….

ඇතැමුන් රට බංකොලොත් වන තුරු බලා සිටින්නේ දේශපාලන වාසි ලබා ගැනීමටයි. රට සංවර්ධනය වුවහොත් ඔවුන්ට දේශපාලන වාසි ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රමුඛතාවය විය යුත්තේ දේශපාලනය කිරීම නොවෙයි. දේශපාලනය කිරීමට වඩා රට නිවැරදි මාර්ගය ඉදිරියට ගෙන යෑමයි.එම වගකීම අපට පැවරී තිබෙනවා.

රටේ තාරුණ්‍යයට යහපත් අනාගතයක් අවශ්‍යයි. මෙරට සියලු තරුණ තරුණියන්ට විදේශගත වීමට ඉඩ දිය යුතු නැහැ. ‍විදේශ රැකියාවන්හි නියුක්ත තරුණ ප්‍රජාව මඟින් ජාතික ආර්ථිකයට යම් දායකත්වයක් ලබාගත හැකි වුවත් එය රජයේ ප්‍රතිපත්තිය කරගත නොහැකියි.

මෙරට තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ශක්තිමත් නිෂ්පාදන කර්මාන්තයක් මෙන්ම දියුණු සංචාරක කේෂ්ත්‍රයක් ස්ථාපිත කිරීමට අවශ්‍යයි. එහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රජයේ සහාය ලබාදීමත් අවශ්‍ය වෙනවා.

රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙන්ම සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට පැවරෙනවා. ඒ වගේම රටේ ජනතාවට යහපත් අනාගතයක් උදා කර දීම වෙනුවෙන් අයහපත් දේ ඉවත දැමීමට ද රජය වගබලාගත යුතුව තිබෙනවා.

සමාජ සුබසාධන ප්‍රතිලාභ හිමිවිය යුත්තේ සැබවින්ම සුදුසු අයට පමණයි. ඒ නිසා සුදුසුම අයට සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමට රජය නිරතුරුවම කැපවී සිටිනවා.

මෙම ප්‍රතිලාභ ලබාදීම සිදු කරන්නේ රටේ ජනතාව ගෙවනු ලබන බදු මුදල් වලින්. එබැවින් මෙම මූල්‍ය සම්පත් ඉතා වගකීමෙන් යුතුව භාවිත කිරීම අත්‍යවශ්‍යයි.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ බැංකු කඩාවැටීම් සහ තැන්පත් මුදල් අහිමිවීම්, විශ්‍රාමික අරමුදල් දුර්වල වීම් වැනි කරුණු සම්බන්ධයෙන් පැතිරුණු කටකතා පදනම් විරහිත බව සඳහන් කළයුතුයි. අද වන විට බැංකු ශක්තිමත් වී, එම අරමුදල් නොවෙනස්ව පවතින අතර එම සියලු ප්‍රකාශ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතිකය දැනට පවතින මට්ටමට වඩා අඩු වන්නේ නැහැ. නියමිත ප්‍රතිශතයම ලබා දීමට රජය සහතික වී තිබෙන බව ප්‍රකාශ කළ යුතුයි.

එම නිසා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන කඩාකප්පල් කිරීමට ගන්නා උත්සාහයන්ට ඉඩ නොතැබිය යුතුයි. එයට එරෙහිව නැඟී සිටීම තාරුණ්‍යයේ වගකීමක් වනවා. ජනතාවට සත්‍ය අසත්‍ය අවබෝධ කරදීමට තරුණ තරුණියන්ට සහාය විය හැකියි. ඒ තුළින් රට නිවැරදි මාවතක මෙහෙයවමින් තරුණ පරපුරට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කර දීමට හැකියාව ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32