ගරාජයක් මතට ගසක් කඩා වැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

අකුරැස්ස, අමලගොඩ ප්‍රදේශයේ ගරාජයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (22) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙහිදී එක් අයෙක් අනතුර සිදුවූ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් පුද්ගලයා රෝහල් ගතකරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගරාජයෙන් සේවාවක් ලබාගැනීමට පැමිණි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක පුද්ගලයෙක් සහ 28 හැවිරිදි වියේ පසු වූ එම ගරාජයේ සේවකයෙක්.

ගස කඩාවැටීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01