මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185000/- ක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගත්තා.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කියවනු ලැබූවා.
ඒ අනුව අදාල චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට දන්වා සිටියා.
ඉන් අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වුණා.
ඒ අනුව පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කලා.
2006 වසරේ ජනවාරි මස පලවන දත් සහ 2008 වසරේ සැප්තැම්බර් මස 3 වනදා අතර කාලසීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164 185 000/- මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ තිබුණා.