විදුලි ගාස්තු සශෝධනයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීමට දින දෙයි

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා මේ මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එම පෙත්සම් අද (17) ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙසයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මෑතකදී ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය සඳහා මහජන උපයෝගිතා කොමිසමේ විධිමත් අවසරයක් ලැබී නොතිබූ බවයි.

ඒ, අනුව අදාළ ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගාස්තු ක්‍රමය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00