spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ගාස්තු සශෝධනයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීමට දින දෙයි

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා මේ මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එම පෙත්සම් අද (17) ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙසයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මෑතකදී ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය සඳහා මහජන උපයෝගිතා කොමිසමේ විධිමත් අවසරයක් ලැබී නොතිබූ බවයි.

ඒ, අනුව අදාළ ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගාස්තු ක්‍රමය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?