ගානියා බැරිස්ටර්ට අත්හිට වූ සිරදඬුවමක්

අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඇයට අත්හිටවූ සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

විත්තිකාරියට පෙර වැරදි නොමැති බවට ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකට අත්හිටුවීමට ද නියම කලා.

ඊට අමතරව රුපියල් පන්දහසක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් මාස තුනක සිර දඬුවමක් නියම කරන බවත් නියෝග කළා.

එමෙන්ම විත්තිකාරිය විසින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ද ගෙවිය යුතු බව නියම කළ විනිසුරුවරයා එය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් තවත් මාස තුනක සිර දඬුවම් නියම කරන බවයි නියෝගයේ සඳහන් කළේ

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ප්‍රශ්න කොට ලිංගික හිරිහැර සිදුකළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18