292 දෙදෙනෙකුට දිවි අහිමි කළ ඔඩීෂා දුම්රිය අනතුරට තිදෙනෙක් අත්අඩංගුවට

පුද්ගලයින් 292කට මරු කැඳවමින් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් දෙදෙනෙක් සහ කාර්මික ශිල්පියෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවූ ආසන්නයේ තිබූ දෝෂ සහගත දුම්රිය මාර්ග බාධකයක් හේතුවෙන්, දුම්රිය සංඥා පද්ධතියේ සිදුකළ ලද වෙනස් කිරීම් මෙම අනතුරට හේතු වී ඇති බවයි.

පසුගිය ජූනි දෙවනදා රාත්‍රියේයේ සීග්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමට ලක් වූ අතර, එම අවස්ථාවේ දී දුම්රියේ මැදිරි කිහිපයක් අසල රේල් මාර්ගයක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ද ගැටී තිබුණා.

ඉන් විනාඩි කිහිපයකට පසුව තවත් සීඝ්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?